නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව මෙරට සිටින සියලුම විදේශිය මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ, අලි සබ්රි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව මහ කොමසාරිස්වරුන් තානාපතිවරුන් සිය අදහස් හා යෝජනා මෙහිදී ඉදිරිපත් කළ අතර, ඒ පිළිබඳව ඔවුන්ට පවතින ගැටලු සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා විදේශ කටයුතු ඇමැතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිළිතුරු ලබාදෙමින් කරුණු ඉදිරිපත් කළහ.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති නීතිඥ, අනුරාධ ජයරත්න, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජයවර්ධන, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරිල් පුල්ලේ මහත්ම මහත්මීන්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, මහ කොමසාරිස් කාර්යාල හා තානාපති කාර්යාල නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
රෝෂන් තුෂාර