දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අද (02) බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. නැඟෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, වව්නියාව, මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
අද දහවල් 12.10ට නවක්කාඩු, ගල්ගමුව, ඕනෑගම ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී. ඊයේ (01) පෙ.ව 8.30න් අවසන් වූ පැය 24 තුළදී වැඩිම වර්ෂාපතනය මි. මී 127.7ක් තලංගහවත්ත ප්‍රදේශයට ලැබී තිබිණ.
උපාලි කරුණාරත්න