අමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් (Chris Van Hollen) මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) මහත්මිය දළදා සමිඳුන්ට වැඳ නමස්කාර කළ අයුරු.
අමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් (Chris Van Hollen) මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) මහත්මිය පෙරේදා (31) පෙරවරුවේ දළදා මාලිගාවට පැමිණියහ.
දළදා මාලිගාවේ ජත්‍යන්තර කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ නිලධාරි ගාමීණි බණ්ඩාර මහතා විසින් හොලන් මහතා සහ ජූලි චන්ග් මහත්මිය පිළිගනු ලැබූ අතර අවසන් රන්දෝලි මහ පෙරහරින් පසු දළදා මාලිගාවේ වැඩකටයුතු සිදුවන ආකාරය සම්බන්ධව දළදා මාලිගාවේ ජත්‍යන්තර කෞතුකාගාරයේ මයුර රොෂාන් කුමාර මහතා විසින් පැහැදිලි කිරීමක් ඔවුන් වෙත සිදුකරනු ලැබුවේය.
දළදා වහන්සේ වැඩ සිටින කුටියෙන් සධාතුක කරඬුව පිටතට වැඩම කරන චාරිත්‍ර සිදුවන ආකාරය දැන ගැනීමෙන් පසු ඔවුන් දෙපොළ සාධාතුක කරඬුව රන්සිවිගේ මත තැන්පත් කරන ස්ථානය දැක බලා ගැනීමට ගොස් තිබේ.
අසේල කුරුළුවංශ