Home » මාස අටට ලක්ෂ 2ක් රට රැකියාවලට

මාස අටට ලක්ෂ 2ක් රට රැකියාවලට

by sachintha
September 5, 2023 4:49 am 0 comment

 

මේ වසරේ පළමු මාස අටක කාලය තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස ලක්ෂ දෙක ඉක්මවා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඊයේ (04) වන විට 200026 දෙනෙකු රැකියා සඳහා විදේශ ගත වී ඇත.
විදේශ රැකියා සඳහා ඉතිහාසයේ වැඩිම පිරිසක් පිටත්ව ගිය වසර බවට පසුගිය වසර වාර්තා වූ අතර, එම වසරේදී තුන් ලක්ෂ එකොළොස්දහසක පිරිසක් විදේශගතව තිබිණි.
මේ වසරේදීත් විදේශ රැකියා සඳහා පිටත්ව යන සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අනුර ප්‍රේමලාල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT