රුසියානු – යුක්රේන ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා තම රට ඇමරිකානු ඩොලර් බිලියන සියයක පමණ වටිනාකමින් යුත් යුද සහනාධාර ලබා ගත් බව යුක්රේනය පවසයි.
යුක්රේනයේ හිටපු ජාතිකාරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් මහතා මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශ කර ඇතැයි, පසුගිය 3 වනදා එරට පළ වූ මාධ්‍ය වාර්තාවක දැක්වේ. එම සහනාධාර අතරින් අඩක් ම ඇමරිකාවෙන් ලැබුණු බව ද හෙතෙම පවසා තිබේ.
මීට අමතරව, යුක්රේනයට යළිත් යුද සහනාධාර ලබාදීම පිළිබඳව ප්‍රකාශයට පත්කිරීමට ඇමරිකාව මේ සතිය තුළ සැලසුම් කර ඇතැයි රොයිටර්ස් පුවත් ඒජන්සිය වාර්තා කර ඇත. මෙවර යුක්රේනයට ලබාදෙන යුද පහසුකම් තුළ ප්‍රථම වරට ක්ෂය වූ යුරේනියම් අඩංගු විදින පතොරම් අන්තර්ගත වන බව ද පැවසේ. එම පතොරම් ඇමරිකාවේ Abrams යුද ටැංකියේ සිට නිකුත් කළ හැකිය. අදාළ යුද ආධාර ඉදිරි සති කිහිපය තුළ යුක්රේනයට ළඟා වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
ක්ෂය වූ යුරේනියම් බෝම්බ මිනිසුන්ට සහ පරිසරයට අධික ලෙස හානිකර වන අතර, රසායනික හා විකිරණශීලී විෂ සහිත බැවින් පිළිකා ඇතිකිරීමේ අවදානමක් ද පවතී.