ජීව විද්‍යා-මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රමුදි
භෞතික විද්‍යා-කොළඹ රාජකීය විද්‍යාලයේ මනෙත්
ජෛව තාක්ෂණය-කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ රුවිනි
ඉංජිනේරු තාක්ෂණය-ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමුදිත
වානිජ-කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ දිල්සරණි
මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රමුදි භාෂණි මුණසිංහ ශිෂ්‍යාවයි.
භෞතික විද්‍යා අංශයෙන් (ගණිත) ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ මනෙත් බනුල පෙරේරා සිසුවා සමත් ව ඇත.
කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ රුවිනි අහිංසා වික්‍රමරත්න සිසුවිය ජෛව තාක්ෂණ විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගෙන තිබේ.
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමුදිත නයනප්‍රිය සිසුවා විසින් හිමි කර තිබේ.
වානිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්ව ඇත්තේ කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා ශිෂ්‍යාවයි.
ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය දිනු මනෙත් බනුල පෙරේරා සිසුවා බණ්ඩාරගම රඹුක්කන බණ්ඩාරනායක මාවත අංක 136/ එෆ් ලිපිනයේ පදිංචි සිවිල් ඉංජිනේරුවරයකු වූ සිසිර කුමාර පෙරේරා හා පානදුර කේතුමතී කාන්තා රෝහලේ වෛද්‍යවරියක වූ සුධම්මා ලෙනෝරා මහත්ම මහත්මීන්ගේ කණිටු පුතුනුවන්ය.
පානදුර ශාන්ත ජෝන් ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්ව ඇත.
ජීව විද්‍යා අංශයෙන් පමුදිට පළමු තැන ලැබෙද්දී ඇගේ හොඳම මිතුරිය වූ ලෙමාෂා දිවයිනෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්වීම පාසල ලැබූ විශාල ජයග්‍රහණයකි.
ඔවුන් දෙදෙනාම එකට පාසල් ගිය එකම පන්තියේ අඹයාළුවෝය. එකටම අධ්‍යාපන කටයුතු ද සිදු කළෝය.
ජයග්‍රහණය ගැන අදහස් දැක් වූ ප්‍රමුදි භාෂණි මෙසේ කීවාය.
“මුල සිටම ඉලක්කයකට අනුව වැඩ කළා. පාසලෙන් හා ටියුෂන් අධ්‍යාපනයෙන් විෂය නිර්දේශය ආවරණය කර ගත්තා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සියල්ලම පාහේ සොයා ගෙන අධ්‍යයනය කළා. ඒ තුලින් මට මේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණා.
මාතර වැවහමන්දුව සූරච්චිය පාර තුන් වන පටු මගේ පදිංචි ප්‍රමුදි ගේ පියා සමන් තිලක් මුණසිංහ (55) මහතාය. ඔහු අම්බලන්තොට වී පර්යේෂණ ආයතනයේ පර්යේෂණ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාවේ.
ප්‍රමුදිගේ මව ඉන්දිකා සමන්තිනි නරසිංහ (50) මහත්මිය මාතර කෘෂිකර්ම කාර්යාලයේ කෘෂිකර්ම උපදේශිකාවකි.
ඇගේ එකම නැඟණිය වන චමිදි ඕෂණි මුණසිංහ (18) සුජාතා විද්‍යාලයේම ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන අතර ලබන වසරේ දී විභාගයට මුහුණ දීමට සූදානමින් සිටින්නීය.
සුජාතා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවක ද වන ප්‍රමුදි භාෂණි මුණසිංහ සිසුවිය තම ජයග්‍රහණය පිළිබඳ වැඩිදුරටත් මෙසේද කීවාය.
“මම මුල සිටම ඉලක්කයකට අනුව විභාගයට මුහුණ දුන්නා.විභාගය කිට්ටු වන විට විභාගයට අවශ්‍ය සියලු කටයුතු සම්පූර්ණ කර ගෙන තිබුණා. ඒ නිසා කලබලයක් නැතිව සැහැල්ලු මනසකින් විභාගයට මුහුණ දුන්නා.
මම හිතුවේ නෑ මේ තරම් ජයග්‍රහණයක්. මගේ ඉලක්කය වුනේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමටයි. අද අම්මා ගෙදර ආවට පස්සෙයි මම ජංගම දුරකතනයෙන් මගේ විභාග ප්‍රතිඵලය බැලුවේ. ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම පළමුවැනියා කියලා දැන ගත්තම මට ලොකු සතුටක් දැණුනා.
මහින්ද අලුත්ගෙදර, බණ්ඩාරගම බිමල් ජයසිංහ