ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ලුතිනන් කර්නල් සුජිත් චාමින්ද එදිරිසිංහ විසින් සිය ධූර කාලය තුල ලත් අත්දැකීම් පදනම් කරගනිමින් රචනා කරන ලද ‘ආමරිය සීල්’ කෙටි කතා සංග්‍රහය සහ ‘යුධබිමේ කුරුටු ගී’ (කාව්‍ය) සංග්‍රහය කෘතීන් දොරට වැඩුම සැප්තැම්බර් මස 07 වැනිදා පස්වරු 2.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුකිරීමට නියමිතය.
ඒ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ලුතිනන් කර්නල් සුජිත් චාමින්ද එදිරිසිංහ විසින් රචිත මෙම සුවිශේෂී කෘතීන් ද්විත්වයෙහි දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති කුරිරු යුද්ධයේ යටගියාව හා බැදුණු තොරතුරු මතු පරපුර වෙනුවෙන් දායක කරමින් උතුරු මායිමේ පමණක් නොව දිවයිනේ විවිධ ප්‍රදේශයන් පුරා අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් කුරිරු එල්ටිටිඊ ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද බිහිසුණු ක්‍රියාදාමයන් හා මතකයට අමතකව ගිය යුගයක වූ දුක්බරම මතකයන් යලි ආවර්ජනය කෙරෙන අත්දැකීම් සමුදායක් ඇතුළත් කර ඇත.