Home » කිසිම මැතිවරණයක් කල් දාන්නේ නැහැ – කැබිනට් ප්‍රකාශක

කිසිම මැතිවරණයක් කල් දාන්නේ නැහැ – කැබිනට් ප්‍රකාශක

by chanaka
September 5, 2023 2:26 pm 0 comment

කිසිදු මැතිවරණයක් රජය විසින් කල් නොදමන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

ජනාධිපතිවරණය හෝ කිසිදු මැතිවරණයක් කල් නොදමන බවත් සෑම මැතිවරණයක්ම නියමිත දිනට නීත්‍යානුකූල ආකාරයට පැවැත්වීම සිදුකරන බවද ඒ පිළිබඳ සැකයක් ඇතිකර ගැනීමට අවශ්‍ය නැතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT