Sunday, May 11, 2025
Home » මෙරට කතුන් සවිබල ගන්වන “සුහුරුලිය” ජාත්‍යන්තරයේ අවධානයට

මෙරට කතුන් සවිබල ගන්වන “සුහුරුලිය” ජාත්‍යන්තරයේ අවධානයට

by chanaka
September 5, 2023 2:41 pm 0 comment

අමෙරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන සයිබර් අවකාශයේ කාන්තා සහයෝගිතා වැඩසටහන සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට(ICTA) හිමිවිය.

ඒ අනුව එම නියෝජිතායතනයේ ධාරිතා ප්‍රවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකාරීනි චාදිකා යහම්පත් මෙනෙවියවැඩසටහන සඳහා සහභාගි වූවාය.

සයිබර් අවකාශයේ මෙන් ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ කටයුතු සඳහා ගෝලීය වශයෙන් කාන්තා සහභාගිත්වය වර්ධනය කර ගැනීම මෙහි ප්‍රමුඛ අරමුණක් වේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක කරන සුහුරුලිය වැඩසටහන මඟින් මෙරට කාන්තා ප්‍රජාව සවිබල ගැන්වීමට දක්වන ලද දායකත්වය ශ්‍රී ලංකාවට මෙම නියෝජනය ලබා ගැනීමේ දී ඉතා වැදගත් නිර්ණායකයක් විය.

සුහුරුලිය වැඩසටහන යටතේ මේ වන විට මෙරට ග්‍රාමීය කාන්තාවන් 17,000ක් ඍජුව සහ තවත් 175,000ක් වක්‍රව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට හැකිවී තිබේ.ඔවුන්කාන්තා ව්‍යවසායිකාවන් වශයෙන් මෙරට ජාතික ආර්ථීකයටපසුගිය වසර තුළ පමණක් රුපියල් බිලියන 1.2කමුදලක් උත්පාදනය කර දී තිබේ. සුහුරුලිය පළමු අදියරේ ලත් ඉතා ඉහළ සාර්ථකත්වය මත මේ වන විට එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

ගෝලීය වශයෙන් කාන්තා සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන වැඩසටහන් පිළිබඳව අධ්‍යයනයටත්, ගෝලීය පාර්ශවකරුවන් සමඟ සම්බන්ධතා ඇතිකර ගැනීමටත්, ගෝලීය කාන්තා වැඩසටහන් මෙහෙයවන පුද්ගලයින් සමඟ සම්බන්ධවී ඔවුන්ගේ දැක්ම සහ අදහස් ලබා ගැනීමටත් මෙහිදී හැකිවූ බවත් සුහුරුලිය දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමට මෙම වැඩසටහන ශක්තියක් වන බවත් චාදිකා යහම්පත් මෙනෙවිය පවසයි.

දෙසතියක් පුරා පැවැති මෙම වැඩසටහනේදී වෘත්තිකයින් මෙන් ම ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂඥයින් හාරාජ්‍ය තාන්ත්‍රිකයින් සාකච්ඡා, දේශන, වැඩමුළු හා සම්මන්ත්‍රණ පවත්වන ලද අතරසයිබර් අවකාශයේ කටයුතු කිරීමේ දී ස්ත්‍රී පුරුෂ පරතරය අවම කර ගනිමින් ගෝලීය සාකච්ඡාවලදී කාන්තා අදහස්වලට වැඩි අවස්ථාවක් ලබා දීම මෙම වැඩසටහනෙහි තවත් එක් වැදගත්අරමුණක් විය.

රටවල් රැසක් නියෝජනය කරමින් ඒ ඒ රටවල සයිබර් අවකාශය මෙන් ම ඩිජිටල් තාක්ෂණය ආශ්‍රිතව කාන්තා ප්‍රජාව සවිබල ගැන්වීමට ක්‍රියාශීලීව දායකත්වය දක්වනකාන්තාවන් පනහක් පමණ මෙම සහයෝගීතා වැඩසටහනට සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT