ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට “1990 – සුවසැරිය” ගිලන් රථ සාමාජිකයන් අගයමින් ඔවුන්ට උපහාර පුදකර ප්‍රදේශයේ සර්වාගමික නායකයන් සහ ජනතාව ඉදිරියේ සම්මානයට පාත්‍රකිරීමේ වැඩසටහනක් ඉංගිරිය පොලිසිය විසින් පෙරේදා පස්වරුවේ සිදුකෙරුණි.
මීට සමගාමීව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි, ජාතික සමගිය ඔප්නැංවෙන ආකාරයේ විචිත්‍ර උත්සවයක් ඉංගිරිය පොලිසිය විසින් ඉංගිරිය, රයිගම්වත්ත ප්‍රදේශයේ සංවිධාන කර තිබුණු අතර, කළුතර නියෝජ්‍ය පොලිස්පති අයි. බී. ටී. සුගතපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයේදී රයිගම්වත්ත දමිළ ඉංගිරිය පොලිස් ස්ථානාධිපති වසන්ත චන්ද්‍රලාල්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රසන්න පාදුක්ක ඇතුළු සමස්ත ඉංගිරිය පොලිසියේ නිලධාරීන්ගේ දායකත්වයෙන් සිදුකෙරුණු මෙම කටයුත්ත සඳහා ඉංගිරියේ විපුලසාර හිමි ඇතුළු ප්‍රදේශයේ සර්වාගමික නායකවරුත්, පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, හොරණ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර ඇතුළු නිලධාරීන් රැසක් සමඟ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.
ඉංගිරිය මධ්‍යම සමූහ
ප්‍රියදර්ශනී කහවල