Home » සාන්ත පීතර විදුහල් පිල පිළිමලුන් පිටුදැකීමේ රග්බි අවසන් මහා තරගයට

සාන්ත පීතර විදුහල් පිල පිළිමලුන් පිටුදැකීමේ රග්බි අවසන් මහා තරගයට

by sachintha
September 5, 2023 4:39 am 0 comment

අවසන් මොහොතේ ප්‍රනීත් සිල්වා තැබූ විශිෂ්ට උත්සාහක දිනුම හේතුවෙන් සාන්ත ජෝශප් විදුහල් පිලට එරෙහිව ලකුණු 16-11ක ජයක් ලැබූ සාන්ත පීතර විදුහල් පිල ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය. මේ ජයග්‍රහණයත් සමඟ දෙපිල අතර වාර්ෂිකව හුවමාරු වන බැසිල් වීරතුංග පියතුමා අනුස්මරණ පළිහ ද අත්කර ගැනීමට සාන්ත පීතර විදුහල් පිලට හැකි විය.

හැව්ලොක් පිටියේ පසුගියදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමා වන විට ලකුණු 8-0කින් පෙරමුණ ගැනීමට සාන්ත ජෝශප් විදුහල් පිල සමත්වූවද දෙවැනි භාගයේදී ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ සාන්ත පීතර විදුහලේ ක්‍රීඩකයෝ තරගයේ වාසිය සියතට ගැනීමට සමත් වූහ. කෙසේ වෙතත් අවසන් මිනිත්තු කිහිපය වන විට දෙපිලම කරට කර සටනක නිරත වූ අතර, ප්‍රනීත් සිල්වාගේ තීරණාත්මක උත්සාහක දිනුම වාර්තා වූයේ දෙපිලම ලකුණු 11 බැගින් ලබා සිටියදීය.

සාන්ත පීතර විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාවට උත්සාහක දිනුම් දෙකක් සහ දඬුවම් පහර දෙකක් ඇතුළත් වූ අතර, සාන්ත ජෝශප් විදුහල් පිල උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර දෙකක් රැස් කළේය.

‍සාන්ත පීතර සහ ඉසිපතනය අතර ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි අවසන් මහා තරගය ලබන 10 වැනිදා හැව්ලොක් පිටියේදී පැවැත්වීමට නියමිතය. ඉසිපතන විදුහල් පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ සහිරා විදුහල් පිලට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 39-10ක ජයක් වාර්තා කරමිනි.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT