Home » ශ්‍රමික ගැටළුව සොයා බලන්න රුසියාවට දූත පිරිසක්

ශ්‍රමික ගැටළුව සොයා බලන්න රුසියාවට දූත පිරිසක්

by chanaka
September 6, 2023 3:07 pm 0 comment

රුසියාවේ ඇගළුම් කර්මාන්ත ශාලාවල හා සත්ව ගොවිපලවල සේවය සඳහා ගොස් සිටින ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට සිය සේවා ස්ථානවල ගැටළු රැසක් පවතින බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි ලැබී තිබෙන අතර, ඔවුන්ගේ ගැටළු පිළිබදව සොයා බැලීම හා නව රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට උදාකර ගැනීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් පිරිසක් මේ දිනවල රුසියාවේ සංචාරයක නිරතව සිටියි.

රුසියාවේ සේවය සඳහා ගොස් සිටින ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට තමන්ට හිමි වැටුපෙන් කොටසක් බදු වශයෙන් අයකිරීම හා විධිමත් අයුරින් මුදල් දිවයිනට ප්‍රේෂණය කිරීමට නොහැකිවීම ඇතුළු නොයෙකුත් ගැටළු උද්ගත වී තිබේ.

මේ පිළිබඳව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට කරුණු අනාවරණය වීමෙන් පසු ස්වයං මාර්ගයෙන් රුසියාවේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරිම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා ලදී. වැඩිදුරටත් අදාල ගැටළු පිළිබඳව කරුණු සොයාබැලීමට හා ශ්‍රමිකයින් බඳවා ගැනීම සිදුකරන ආයතනවල කළමනාකරුවන් හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ ගැටළු සඳහා විසදුම් ලබාදීම මෙම නියෝජිත පිරිසගේ සංචාරයේ අරමුණයි.

රුසියාවේ සංචාරයේ නිරත දූත පිරිසට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) එම්.ආර්.සී.බී.ඒකනායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වන පී.පී.වීරසේකර, ප්‍රියංකා රත්නසිංහාරච්චි යන මහත්ම මහත්මීන් එක්ව සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT