Home » පහත්ගම රෝමානු කතෝලික කනිෂ්ඨයේ බාලදක්ෂිකාවන්ට පදක්කම්

පහත්ගම රෝමානු කතෝලික කනිෂ්ඨයේ බාලදක්ෂිකාවන්ට පදක්කම්

by mahesh
September 6, 2023 1:00 am 0 comment

පාදුක්ක සමූහ - රෙක්සි වෙත්තසිංහ

හෝමාගම අධ්‍යාපන කලාපයේ පහත්ගම රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ, ප්‍රථම වරට බාලදක්ෂිකාවන් 31 දෙනකුට බාලදක්ෂ පදක්කම් පැලඳවීම 05 දින ඊයේ විදුහල් ශාලාවේදී සිදු කෙරුණි.

පාසලේ ඉගෙනුම ලබන විෂයන්ට අමතරව, දරුවන් යහමඟට ගෙන ආදර්ශවත් විනයගරුක දරු පරපුරක් සමාජයට දායාද කරමින්, මෙම පළමු අවස්ථාවේ සිට ජනාධිපති පදක්කම දක්වා මෙම දරුවන් ඉදිරියට රැගෙන යෑමේ අරමුණින් විදුහල්පති ඩී.එන්.සී ගම්ලත් මහත්මියගේ සහ අවිස්සාවේල්ල දිසා බාලදක්ෂ කොමසාරිස් සුධර්මා රත්නායක මහත්මියගේ, සංකල්පයක් තෝරාගත් දරුවන්ට ප්‍රථමවරට බාලදක්ෂ පදක්කම් පැලඳවීම මෙලෙස සිදු කෙරුණි.

විදුහලේ ආචාර්ය රුවන්පුර ධම්මාලංකාර හිමියන් විසින් පැවැත්වූ ආගමික වතාවත්වලින් පසු, ධජ ඔසවා උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කෙරිණි. ‍

ප්‍රථමයෙන් දිසා බාලදක්ෂ, ලෝක බාලදක්ෂ, සහ ලංකා බාලදක්ෂ, යන පදක්කම්ද, විද්‍යාලයේ කර පටියද පැලඳවීම, ප්‍රධාන ආරාධිත අමුත්තන් සහ විදුහලේ විදුහල්පතිතුමිය විසින් සිදු කෙරුණි.

එම අවස්ථාවට රුවන්පුර ධම්මාලංකාර හිමියන්ද වැඩම කර සිටි අතර, අවිස්සාවේල්ල දිසා බාලදක්ෂ කොමසාරිස් සුධර්මා රත්නායක අවිස්සාවේල්ල දිසා බාලදක්ෂ සංගමයේ විධායක සභා සභාපති කේ.පී. යසපාල, සහාය දිසා කොමසාරිස් (වැඩසටහන්) වසන්ත කරවිට, විදුහල්පතිනි ඩී.එන්.සී. ගම්ලත්, බාලදක්ෂ ආචාර්යවරියන් වන පී.එම්.අයි. ධර්මසේන, සුපුනි ද සිල්වා, යන මහත්ම මහත්මීන්ද, බාලදක්ෂිකාවෝද, ඔවුන්ගේ මවුපියෝද, ආදි සිසුහුද සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT