Home » හීගොඩ කඩේකට කිලෝ දෙකක පොල් ගෙඩියක්

හීගොඩ කඩේකට කිලෝ දෙකක පොල් ගෙඩියක්

by mahesh
September 6, 2023 1:00 am 0 comment

ඌරුබොක්ක විශේෂ - ඒ.පී. දයාචන්ද්‍ර

හීගොඩ හන්දියේ පොල් පුවක් ඇතුළු මෙරට ද්‍රව්‍ය මිලදී ගන්නා වෙළෙඳසලකට පසුගියදා කිලෝ 01යි ග්‍රෑම් 960ක් බරැති පොල් ගෙඩියක් ලැබී ඇත.

කුරුඳු, ගම්මිරිස්, කරුංකා ඇතුළු මෙරට ද්‍රව්‍ය මිලදී ගැනීමට අමතරව පොල්, පුවක් ආදියත් මිලදී ගන්නා අතර, මිලදී ගත් පොල් ගෙඩි අතර කිලෝ 01යි ග්‍රෑම් 960ක බරකින් යුක්ත පොල් ගෙඩියක් තිබූ බවත් එහි වටිනාකම රුපියල් 176.00ක් බවට වෙළෙඳසලේ හිමිකරු වන මදනායක මහතා පැවැසීය. පොල් ගෙඩි ගණනට මිලදී ගැනීම හෝ විකිණිම සිදු නොකරන බවත් කිලෝ ප්‍රමාණයෙන් මිලදී ගැනීම විකිණීම සිදු කරන බවත් පොල් ගෙඩි කිලෝ 01ක් රුපියල් 90.00ක මුදලකට මිලදී ගන්නා බවට මදනායක මහතා වැඩිදුරටත් පවසයි.

ඌරුබොක්ක ඇතුළු අවට ප්‍රදේශවල විශාල ප්‍රමාණයේ පොල් වතු දක්නට නොමැති අතර අතුරු භෝගයක් ලෙස ඉඩම්වල පොල් වගාව සිදු කරයි. අතුරු බෝගයක් ලෙස වගාකරන ඉඩමකින් කඩන ලද පොල් අතර කිලෝ 01යි ග්‍රෑම් 960ක බරකින් යුත්ත මෙම පොල් ගෙඩිය වෙළෙඳසලට ලැබී ඇත.

මෙම ප්‍රදේශයේ පොල් ගෙඩියක මිල රුපියල් 55.00 – 60.00 අතර මිලක පවතින අතර පොල් ගෙඩි කිලෝවක් රුපියල් 80.00 – 90.00 අතර මිලක පවතී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT