අවුරුදු හතරක් වයසැති සිඟිති දියණියකට පහර දී බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනාව යටතේ දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා සැකපිට අත්අඩංගුවට ගත් බව දොරටියාව පොලිසිය පවසයි.
සැකකාර යුවළ කුරුණෑගල අලකොළදෙණිය මොඩර්වත්තේ පදිංචිකරුවන් වන අතර, පහර දීමෙන් දැරියගේ මුහුණට, කොන්ද පෙදෙසට සහ අත්පාවලට තුවාල සහ තැළුම් සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය. පහර වැදීමෙන් ඇගේ ඇස් පෙදෙසට හානි සිදුව ඇත.
දින ගණනාවක්ම දැරිය නිවසේදී පහර කෑමට ලක්ව තිබෙන අතර අසල්වාසීන් ඒ බව පොලිසියට දැන්වීමෙන් අනතුරුව මව සහ බාප්පා අත්අඩංගුවට ගෙන දැරිය ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකාර මවට අනියම් සැමියාට දාව මාස අටක් පමණ වයැසැති බිලිඳෙකු සිටින බවද පොලිසිය පවසයි. සැකකාර යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. දොරටියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.