Home » වර්ෂාවත් සමඟ නොපෙනුණු බෙන්තොට ජල කාන්දුව

වර්ෂාවත් සමඟ නොපෙනුණු බෙන්තොට ජල කාන්දුව

by mahesh
September 6, 2023 1:00 am 0 comment

අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අළුත්ගම සිට ගාල්ල දෙසට ගමන් කරන විට හමුවන බෙන්තොට බෝ සමිඳු ඉදිරිපිට දින ගණනාවක් තිස්සේ නළ ජලය අපතේ යයි.

බෙන්තොට බෝ සමිඳු ඉදිරිපිට ගාලු පාරේ මෙම නළ ජලය දින කිහිපයක් තිස්සේ පිපිරී කාන්දු වී ජලය අපතේ යන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. පෙර දෙදින එම ප්‍රදේශයට අධික වර්ෂාවක් පතිත වීම හේතුවෙන් ඒ පිළිබඳ වැඩි අවබෝධයක් නොතිබුණත් (4) දිනයේ යහපත් කාලගුණික තත්ත්වයත් හේතුවෙන් මේ බව වඩාත් පැහැදිලිව නිරීක්ෂණය වීමත් සමඟ මෙලෙස අපතේ යන ජලය මහජන මුදල් කාබාසිනියා වීමක් බව පෙන්වා දෙයි.

මෙය බලපිටිය ප්‍රාදේශීය ජල සම්පාදන මණ්ඩලය මඟින් නඩත්තු කළ යුත්තක් බවත් ඒ පිළිබඳව අවස්ථා කීපයකදී ප්‍රදේශවාසීන් දැනුම් දී තිබුණත් මේවන තෙක්ම එම කාන්දුව නඩත්තු කිරීමට පැමිණ නොමැති බව බෙන්තොට ප්‍රදේශවාසියකු වූ පුෂ්පකුමාර කුමාර ලියනගේ මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT