Monday, May 12, 2025
Home » ජාතික පොලිස් දින සැමරුමක් පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරිශ්‍රයේදී

ජාතික පොලිස් දින සැමරුමක් පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරිශ්‍රයේදී

by mahesh
September 6, 2023 1:00 am 0 comment

රාගම සමූහ - කේ.එස්. හැන්නදි

එකසිය පනස් හත්වන ජාතික පොලිස් දින සැමරුම වෙනුවෙන් කැලණිය කොට්ඨාසයේ පොලිස් ස්ථාන නියෝජනය කරමින් පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරිශ්‍රයේදී ඉකුත් 02 වන දින රාත්‍රී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් පවත්වා පසුදා උදෑසන විසිඅට නමක් මහ සඟරුවනට හීල් දානය පිරිනැමීම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජේ.වයි.බී. ක්‍රිශාන්ත කැලණිය දිස්ත්‍රික් (i) භාර ප්‍රසන්න සිල්වා යන උසස් පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.

කැලණිය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවල සේවයේ නිරත පොලිස් ස්ථානාධිපතිවරුන්, අනෙකුත් නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙන්ම විශ්‍රාමික රණවිරු පවුල්වල සමාජිකයින්, මහජන ආරක්ෂක කමිටු සමාජිකයින්, අන්‍යාගමික පූජකතුමන්ලා ඇතුළු ප්‍රදේශවාසීහු මෙම පිංකමට එක්ව සිටියහ. පොලිස් නිලධාරින් ඇගයීමට ලක්කිරීමේ උත්සවය හතරවනදා පෑලියගොඩ ජනතා දේව සභාවේ සහභාගිත්වයෙන් සිදු කළ අතර පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරින් සිය දෙනකු සඳහා රුපියල් ලක්ෂ හතරක මූල්‍ය වටිනාකමක් සහිත වවුචර්පත් බෙදාදීම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු ප්‍රදේශය නියෝජනය කරන පොලිස් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් එදින සිදු කරන ලදි.

ප්‍රදේශයේ සර්ව ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙම පොලිස් දින සැමරුම් උත්සවය සංවිධාන කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT