Home » ලබන වසරේ සිට දෛනිකව තෙල් මිල සංශෝධනය කෙරේ

ලබන වසරේ සිට දෛනිකව තෙල් මිල සංශෝධනය කෙරේ

by chanaka
September 13, 2023 3:52 pm 0 comment

ලබන 2024 වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අදාළ තීරණය සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් පළ කළේ ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග පැවති සාකච්ඡාවකදීය.

එහිදී බෙදුම්කරුවන් ඒ පිළිබඳ දැනුවත් කළ අමාත්‍යවරයා ඉන්ධන බෙදුම්කරුවන්ගේ අලෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන නඩු කටයුතු සමථයකට පත් කර ගැනීම, නව ඉන්ධන හල් ඉදිකිරීමේ කටයුතු, ලිහිසි තෙල් අලෙවිය කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්තේය.

එසේම, සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබා ගැනීමේ උපකරණ සවිකිරීමට ගෙන ඇති තීරණය පිළිබඳවද අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය දැනුවත් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT