Home » බිලියන 12ක ආයෝජනයකින් ඉන්දියාව සහ භූතානය අතර දුම්රිය මාර්ගයක්

බිලියන 12ක ආයෝජනයකින් ඉන්දියාව සහ භූතානය අතර දුම්රිය මාර්ගයක්

by mahesh
September 13, 2023 1:00 am 0 comment

ඉන්දියාවේ ඊසානදිග කලාපයේ සිට භූතානය දක්වා ඓතිහාසික දුම්රිය ගමන් මාර්ගයක් සඳහා ඉන්දීය රජය රුපියල් බිලියන 12ක් වෙන් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. දෙරට අතර පළමුවරට ඉදි කිරීමට නියමිත මේ දුම්රිය මාර්ගය දෙපාර්ශ්වයටම ඉතා කදිම ආයෝජනයක් වනු ඇතැයි දෙරටෙහිම ආර්ථික විද්‍යාඥයන් දැනටමත් අනාවැකි පළ කර ඇතැයි ද වාර්තා වේ.

කිලෝමීටර් 57.5ක දුරකින් සමන්විත ඉන්දීය – භූතාන දුම්රිය මාර්ගය ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයේ කොක්‍රජාර් නුවර සහ භූතානයේ සර්පාන්ංග් නුවර යා කරමින් ඉදි කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ. ඉන්දීය රජයේ සම්පූර්ණ අරමුදලින් ඉදි කිරීමට නියමිත මේ දුම්රිය මාර්ගය වසර 2026 දී ජනතා අයිතියට පැවරීමට සැලසුම් කර තිබේ.

නව දුම්රිය මාර්ගය ඉන්දියාවේ සහ භූතානයේ භාණ්ඩ අපනයනය, සංස්කෘතික හුවමාරුව සක්‍රිය කිරීම සඳහා විශාල පිටිවහලක් වනු ඇතැයි ද ඉන්දියාවේ මෙන්ම භූතාන රජයේ ද අපේක්ෂාව වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT