Home » ශ්‍රී ලංකාවේ උසස් හස්ත නිපැයුම් ඔන්ලයින් විදෙස් වෙළෙඳ පොළට: දකුණු කොරියාව කැමැති වෙයි

ශ්‍රී ලංකාවේ උසස් හස්ත නිපැයුම් ඔන්ලයින් විදෙස් වෙළෙඳ පොළට: දකුණු කොරියාව කැමැති වෙයි

by mahesh
September 13, 2023 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ

ප්‍රමිතියෙන් හා ගුණාත්මක භාවයෙන් උසස් මෙරට නිපද‍වන සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිපැයුම් ඔන්ලයින් ඔස්සේ විදේශ වෙළෙඳ පොළට යොමු කිරීමට සහාය ලබාදීමට දකුණු කොරියාව කැමැත්ත පළ කර ඇත. ශ්‍රී ලාංකික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිපැයුම් ඉතා අනර්ඝ හා අලංකාර බව ඒවා නැරඹීමෙන් තමන්ට ඒත්තු වී ගිය බව පවසන දකුණු කොරියානු රජයේ හා පෞද්ගලික අංශයේ නියෝජිත පිරිසක් මේ එකඟතාව පළ කළේ ඉකුත්දා කොළඹ බත්තරමුල්ල අපේගම පරිශ්‍ර‍ෙය්දී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා සමඟ කළ සාකච්ඡාවකදීය.

අපේගමට පැමිණ එහි නිපැයුම්කරුවන්ගේ නිර්මාණ දැක බලා ගැනීමට කොරියානු නියෝජිතයන්ට හැකි විය. මෙවැනි සාම්ප්‍රදායික නිර්මාණකරුවන්ට නව තාක්ෂණය, නව වෙළෙඳ පොළ දිනා දීමට ඔවුහු මෙහිදී කැමැත්ත පළ කළහ. ඉන් අනතුරුව ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමැතිවරයා සමඟ කොරියානු නියෝජිතයෝ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. දකුණු කොරියාවේ ජේජු ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කිම් සොන්ග් චොඕර්, (Kim Song chor) කොරියාවේ ගිනි නිවීම් සංවිධානයේ සභාපති කන්ග් යන් ජින් (Kang Yunjin) කොරියානු වෘත්තීය පුහුණු සංවර්ධන ආයතනයේ සම අධ්‍යක්ෂ චොයි ඩොන්සන් (Choi Donsun) ටෝජා ඉන්ටර්නැෂනල් කළමනාකරණ උපදේශක සමාගමේ සභාපති නිමල් රෝහිත කහගලහේවා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සම්පත් සඳකැළුම් සුරවීර, රවීන්ද්‍ර ගයනාත් සිල්වා, ජී. ඩී. ගාමිණී මහත්වරු ද මෙහි වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT