Home » කුඹුරු ඉඩම් නොවන බවට සහතික නිකුත් කිරීමේ වෙනසක්

කුඹුරු ඉඩම් නොවන බවට සහතික නිකුත් කිරීමේ වෙනසක්

by mahesh
September 13, 2023 12:55 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

කුඹුරු ඉඩම් ලේඛනයේ සඳහන්ව නොමැති ඉඩම්, කුඹුරු ඉඩමක් නොවන බවට සහතික කිරීම සඳහා නියෝජ්‍ය ගොවිජන කොමසාරිස්වරුන්ට ලබාදී තිබූ බලය අත්හිටුවීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ. එමෙන්ම අදාළ චක්‍රලේඛය වහාම සංශෝධනය කිරීමටත්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය ගොවිජන කොමසාරිස්වරයකු විසින් නීතිවිරෝධීව කුඹුරු ඉඩමක් ගොඩ කිරීම සම්බන්ධව ඊයේ (11) දින මාධ්‍යයේ පළවූ සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා විසින් සිදු කරන කඩිනම් විමර්ශනයේදී මේ පිළිබඳ සාකච්ඡා වී තිබේ.

කුඹුරු ඉඩම් ගොඩ කිරීමේදී කුඹුරු නාම ලේඛනයේ ඇතුළත් නොවන ඉඩමක්,කුඹුරක් නොවන බවට අවසර ලබා දීමේදී, දිස්ත්‍රික්ක භාරව කටයුතු කරන නියෝජ්‍ය කොමසාරිස්වරුන්හට ඔවුන්ගේ අභිමතය හා නිරීක්ෂණ අනුව කටයුතු කිරීමේ බලය පවරමින්, මින් පෙර චක්‍රලේඛයක් 2018 වර්ෂයේ දී ගොවිජන වර්ධන දෙපාර්තමේන්තුව නිකුත් කර තිබිණි.

නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙම නියෝජ්‍ය ගොවිජන කොමසාරිස්වරයා එම චක්‍රලේඛය අත්තනෝමතිකව භාවිත කර ඇද්ද යන්න කඩිනමින් පරීක්ෂා කිරීමෙන් පසුව, වහාම ක්‍රියාත්මක වන පරිදි එම චක්‍රලේඛය කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකවීම තාවකාලිකව අත්හිටුවීමට ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා ඊයේ(11) දින තීරණය කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT