Home » පකිස්තානය 58 වැනි ආරක්ෂක දිනය සමරයි

පකිස්තානය 58 වැනි ආරක්ෂක දිනය සමරයි

by mahesh
September 13, 2023 1:00 am 0 comment

පකිස්තානයේ 58 වැනි ආරක්ෂක දිනය පසුගිය දා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී උත්සව ශ්‍රීයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් Major General (Retd) Umar Farooq Burki මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැති අතර, එහි ප්‍රධාන අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහභාගි විය.

පකිස්තානයේ අභිමානය හුවාදක්වන මෙම උත්සවයට රාජ්‍යතාන්ත්‍රිකයන්, ආරක්ෂක අංශවල නිල ලත් නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු සම්භ්‍යාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.

පකිස්තානය දිනේවා කියමින් සමරු කේක් ගෙඩිය කැපීම මෙම උත්සවයේ දී සිදු විය. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් Major General (Retd) Umar Farooq Burki මහතා ප්‍රමුඛ, ආරක්ෂක ලේකම් මේජර් ‍‍ ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාෂල් ආර්.ඒ. යූ.පී. රාජපක්ෂ, රාජ්‍ය බුද්ධි ප්‍රධානී, පකිස්තාන ආරක්ෂක උපදේශක කර්නල් Muhammad Farooq මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT