Home » දැරණියගල ප්‍රාදේශීය සභාවේ ජීව වායු ඒකකය උතුරලා

දැරණියගල ප්‍රාදේශීය සභාවේ ජීව වායු ඒකකය උතුරලා

දැඩි දුර්ගන්ධයෙන් ප්‍රදේශවාසීන් පීඩාවට

by mahesh
September 13, 2023 1:00 am 0 comment

බුලත්කොහුපිටිය සමූහ - ඩබ්ලිව්. රෝහණ

දැරණියගල ප්‍රාදේශීය සභාව මෙම වසරේ අප්‍රේල් මාසයේ ආරම්භ කළ ජීව වායු ඒකකය පසුගිය දිනවල උතුරා ගොස් තිබෙන අතර, ඒ හේතුවෙන් මුහන්දිරම් මාවත හා ඒ අවට ප්‍රදේශවලට මෙම අපද්‍රව්‍ය ගලා යෑමෙන් පැතිරෙන දුර්ගන්ධය හේතුවෙන් ප්‍රදේශවාසීන් අපහසුතාවට පත්ව තිබේ.

ජනතාව පවසන්නේ කලක පටන් මෙම තත්ත්වය පැවැති බවත්, වර්ෂාව සමඟ දුර්ගන්ධය තවත් තීව්‍ර වූ බවත්ය. මේ පිළිබඳව ප්‍රාදේශීය සභා බලධාරීන් දැනුම්වත් කළද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවද ජනතාව පවසති.

මේ පිළිබඳව දැරණියගල ප්‍රාදේශීය සභාවේ ලේකම් නලින් පුෂ්පකුමාර මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ මෙසේ ගලාගෙන ගොස් තිබෙන්නේ ගලිවලින් ඉවත් කරන අපද්‍රව්‍ය නොවන බවත්, ජීව වායු ඒකකය සඳහා ගෙන දමන ඉඳුල් වැනි ද්‍රව්‍යවලින් නිෂ්පාදනය වී ඇති දියර පොහොර බවත්ය. එමෙන්ම මෙම මස 12 වැනි දින සිට ප්‍රදේශයේ වතු සමාගම් සඳහා නොමිලේ මෙම පොහොර ලබා දෙන බවද ලේකම්වරයා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT