Home » මදුරන්කුලිය වත්තකින් පොල් ගෙඩි 3,800ක් හොරෙන් කඩා විකුණලා

මදුරන්කුලිය වත්තකින් පොල් ගෙඩි 3,800ක් හොරෙන් කඩා විකුණලා

මුර පවුල් 2ක පැන යති

by mahesh
September 13, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

මදුරන්කුලිය මංගලඑළියේ ප්‍රංශවත්ත නමින් හඳුන්වන පොල් ඉඩමේ පොල් ගෙඩි 3800ක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මදුරන්කුලිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම සොරකම සිදු කර ඇත්තේ වත්තේ මුරකරුවන් දෙදෙනා බවත් ඔවුන් වත්තේ ඇති බංගලාවේ තිබුණු යතුරුපැදියක් ද ගවයකු ද සොරාගෙන ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මදුරන්කුලිය පොලිසිය කියයි.

මෙම සොරකම ගැන පොලිසියට පෙරේදා (11) පැමිණිලි කර ඇත්තේ වත්ත බලා කියා ගන්නා ව්‍යාපාරික කාන්තාවකි. එම කාන්තාවගේ ඥාතියකුට මෙම වත්ත හිමිව ඇති බවත් ඔහු විදෙස්ගතව සිටින බවත් පොලිසිය කියයි.

පොල් ගොඩි 3800ත් යතුරුපැදියත් ගවයාත් සොරාගෙන මුරකරුවන් දෙදෙනා සිය බිරින්දෑවරුන්ද රැගෙන වත්තෙන් පලාගොස් ඇති බවද පොලිසිය කියයි.

සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ වත්තේ තිබුණු පොල් ගෙඩි 3800ත් ගවයාත් පසුගිය 01 වැනිදාත් 02 වැනිදාත් අතර කාලය තුළ අලෙවි කර එම මුදල් ද සමඟ යතුරුපැදිය ද රැගෙන පලාගොස් ඇති බවය.

පොල් ගෙඩි 3800 වටිනාකම රුපියල් 190,000ක් බවත් යතුරුපැදිය රුපියල් ලක්ෂ 02ක් වන බවත් පැමිණිල්ලෙහි සඳහන් වන බව පොලිසිය කියයි. සොරාගෙන ඇති එළ ගවයාගේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරකි.

මෙසේ තමන් සේවය කළ වත්තේ දේපොළ සොරාගෙන පලාගොස් සිටින මුර පවුල් දෙක මදුරන්කුලිය සහ ගම්පොළ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT