Monday, May 5, 2025
Home » බදුල්ල විහාරමහාදේවී බාලිකාවේ සිසුවියෝ 85ක් සරසවි ප්‍ර ‍ෙව්ශ වරම් ලබති

බදුල්ල විහාරමහාදේවී බාලිකාවේ සිසුවියෝ 85ක් සරසවි ප්‍ර ‍ෙව්ශ වරම් ලබති

by mahesh
September 13, 2023 12:56 am 0 comment

සී. ගමගේ - සොරණාතොට සමූහ

2022 අපොස උසස් පෙළ විභාගයෙන් බදුල්ල විහාරමහාදේවී බාලිකා විදුහලේ කලා අංශයේ දිස්ත්‍රික් 1 සහ 2 වන ස්ථාන ලබා ගත් සිසුවියන් දෙදෙනකු ඇතුළු සිසුවියන් 140 ක් මෙවර උසස් පෙළ විභාගය සමත් වූ බවත් ඉන් සිසුවියන් 85ක් සරසවි වරම් ලබා ඇතැයි බදුල්ල විහාරමහාදේවී බාලිකා විදුහලේ විදුහල්පතිනි ආර්. ඩී. එම්. එස්. පෙරේරා මහත්මිය (11)පැවසුවාය.

මීට අමතරව කලා අංශයේ සිසුවියන් අට දෙනකු විෂයන් තුනටම ඒ සාමර්ථ්‍යය ලබා ගෙන ඇති අතර, ගණිත අංශයේ එක් සිසුවියක් විෂයන් තුනටම ඒ සාමර්ථ්‍යය ලබා ගෙන සිටින බවත් විදුහල්පතිනිය සඳහන් කළාය.

කලා අංශයෙන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි බදුල්ල විහාරමහාදේවී බාලිකා විදුහලේ විමංශා නවෝදී දිසානායක සිසුවිය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ද, කේ. එම්. දුල්යානා දෙව්වන්දි දෙවන ස්ථානය ලබා ගෙන සිටිති.

ගණිත අංශයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි චාමා කවුශලී සමරසේකර විෂයන් තුනටම ඒ සාමර්ථ්‍යය ලබා ගෙන ඇති අතර, කලා අංශයේ විභාගයට පෙනී සිටි විමංශා නවෝදී දිසානායක, දුල් යානා දෙව්වන්දි, ශශිනි දෙව්මිනි, නෙත්මිනි ප්‍රබෝධිකා, නෙත්මිනි දක්ෂිකා නිර්මලී, ඉමාශි චාරුකා මාරසිංහ, ලසන්තා සුබාශිනි ජයසේන, සවින්දි අනූපමා බණ්ඩාර යන සිසුවියන් විෂයන් තුනටම ඒ සාමාර්ථ ලබා ගෙන සිටින බව ද බදුල්ල විහාරමහාදේවී බාලිකා විදුහලේ විදුහල්පතිනි ආර්. ඩී. එම්. එස්. පෙරේරා මහත්මිය සඳහන් කර සිටියාය.

මේ අතර මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි බදුල්ල විහාරමහාදේවී බාලිකා විදුහලේ කලා අංශයේ සිසුවියන් 69, විද්‍යා අංශයේ සිසුවියන් 22ක්, ගණිත අංශයේ සිසුවියන් 17ක්, වාණිජ අංශයෙන් සිසුවියන් 32ක් විභාගය සමත් වී සිටින බවද විදුහල්පතිනි පෙරේරා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT