Home » මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ වෙන්නවත්තේ “ගනේෂ්” මාට්ටු

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ වෙන්නවත්තේ “ගනේෂ්” මාට්ටු

by mahesh
September 13, 2023 1:00 am 0 comment

කොට්ටාව - ප්‍රදීප් කුමාර

කොළඹ අවට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 101ක් සමඟ පෙරේදා (11) අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය වෙන්නවත්තේ “ගනේෂ්” නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

වැල්ලම්පිටියේ සිට බොරැල්ල ප්‍රදේශයට හෙරොයින් තොගයක් රැගෙන එන පුද්ගලයකු පිළිබඳව කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ෂෙහාන් ආනන්ද මහතාට පසුගියදා තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව නිලධාරී කණ්ඩායමක් බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණය අසල ආවේක්ෂණ රාජකාරියෙන් රැකවලා සිටියදී යාබද බස් නැවතුම්පොළේ රැඳීසිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහු හැඳ සිටි කලිසමේ දකුණු පස සාක්කුවේ සැකකටයුතු පාර්සලයක් තිබී හමුවී තිබේ. පසුව එය පරීක්ෂා කිරීමේදී ඒ තුළ හෙරොයින් ග්‍රෑම් 101යි මිලි ග්‍රෑම් 16ක් තිබූ බව පොලිසිය පවසයි. ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය වැල්ලම්පිටියේ සිට බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කිරීම සඳහා රැගෙන යන බව තොරතුරු අනාවරණය වූ බවත් සැකකරු මීට මාස 10 පෙර විෂ මත්ද්‍රව්‍ය ඒකකය මඟින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමඟ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අයෙකු බවත් පැවසේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT