Home » අපරාජිත ලුම්බිණියට තෙවැනි ජය
19න් පහළ සීමිත ඕවර ක්‍රිකට්

අපරාජිත ලුම්බිණියට තෙවැනි ජය

by mahesh
September 13, 2023 12:55 am 0 comment

ඉෂානි යද්දෙහිඅවුරුදු 19න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී අපරාජිතව තම තෙවැනි ජය වාර්තා කිරීමට කොළඹ ලුම්බිණි විදුහල සමත් විය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල පැරබෝලා ක්‍රමයට කඩුලු 6කින් පරදවමින් ලුම්බිණි ක්‍රීඩකයෝ මේ ජය ලැබූ අතර, තවත් තරග කිහිපයකදී මහනුවර ධර්මරාජ, අනුරාධපුර මධ්‍ය මහා විදුහල, හික්කඩුව ශ්‍රී සුමංගල සහ යාපනය හින්දු විදුහල් ජයග්‍රහණ වාර්තා කළේය.

ලුම්බිණියට පැරබෝලා ක්‍රමයට කඩුලු 6ක ජයක්

අම්බලන්ගොඩ ධර්මාශෝක – 133/1 (ඕවර 27.3) රන්දුල් සමරහේවා නොදැවී 74, මානස ද සිල්වා 50

ලුම්බිණි – 107/4 (ඕවර 13.4) ගිහාන් ලක්ෂිත 38, සහන් කෞශල්‍ය 28, නබීල් රාජුදීන් 20

ධර්මරාජයට පැරබෝලා ක්‍රමයට කඩුලු 8ක ජයක්

කොළඹ ඉසිපතන – 80/7 (ඕවර 26.3) (නිසල අබේරත්න 17/3, අරෝෂ මහගෙදර 5/2)

මහනුවර ධර්මරාජ – 65/2 (ඕවර 12.3) කළණ හේරත් නොදැවී 25

අනුරාධපුර මධ්‍ය මහා විදුහලට ලකුණු 82ක ජයක්

අනුරාධපුර ම. ම. වි. – 261/8 (ඕවර 50) ගිහාන් අඹේපිටිය 67, කවිඳු විමලසූරිය 53, නිර්මාල් ප්‍රේමවංශ නොදැවී 45, රසාංජන කුමාර 22 (දිනෙව් පුංචිහේවා 48/2)

වත්තල ලයිසියම් – 179 (ඕවර 38.3) ශවිදු සිල්වා 26, තුෂාන් ප්‍රනාන්දු 22 (කවිඳු දයාරත්න 20/3, ගීත් කුමාර 26/2)

බණ්ඩාරවෙල සා. තෝමසයට ලකුණු 18ක ජයක්

බණ්ඩාරවෙල සා. තෝමස් – 123 (ඕවර 36.2) ප්‍රවිෂ්ක නදීන් 38 (චතුම් ලක්ප්‍රිය 21/3, රූසර තම්මිට 35/3, සෙනාර දිලිප් 40/2)

බණ්ඩාරවෙල ම.ම.වි – 105 (ඕවර 47.2) ගිම්හාන් කේෂර 40 (ශිමල්ක කාංචන 8/4, නික්ෂ පෙරේරා 21/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT