ඔබ සතු භාවිතා කරන ලද රත්‍රං නවීන පන්නයේ මෝස්තරවලට නිමවූ අනර්ඝතම තත්ත්වයේ කැරට් 22 ස්වර්ණාභරණ සඳහා හුවමාරු කිරීමේදී ආකර්ෂණීය වට්ටම් රැසක් සැප්තැම්බර් 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කොල්ලුපිටිය, කිරිබත්ගොඩ, නුගේගොඩ, මහනුවර, මීගමුව සහ කුරුණෑගල වෝග් ප්‍රදර්ශනාගාරයන්හිදී ලබා ගත හැක.
කැරට් 22 අනර්ඝතම ස්වර්ණාභරණ සඳහා පරම්පරා ගණනාවකගේ නොබිඳුනු විශ්වාසය දිනා ඇති වෝග් ජුවලර්ස් මෙලෙස භාවිතා කරන ලද රත්‍රං සඳහා කැරට් 22 නවතම චේන් මාදිලි රැසක් වෙෙළඳපොළේ හොඳම මිලට ලබා ගත හැක. එම චේන්, තාක්‍ෂණයෙන් උසස් Italian XRF යන්ත්‍රය අනුසාරයෙන් ඉහළ තත්ත්ව පරීක්‍ෂාවට යොමු කර ඇත.
වෝග් ජුවලර්ස් නිපදවන මනස්කාන්ත ගෙල පලඳනා සහ වළලු කාන්තාවන් අතරේ ඉතාමත් ජනප්‍රියයි. දිවයිනේ විශාලතම කැරට් 22 ගෙල පලඳනා එකතුව සතු වෝග් ජුවලර්ස් ඔබට ඒ සියල්ලත්, විවිධ මාදිලියන්ගේ කැරට් 22 වළලු රාශියකුත් භාවිතා කරන ලද රත්‍රං සමඟ හුවමාරු කළ හැක. ඒ සඳහා නිෂ්පාදන ගාස්තු රහිතව ලබා ගත හැකි බැවින් ඔබට විශාල ලාභයක් ලැබේ.
ඊට අමතරව, ඔබේ පරණ රත්‍රං සමඟ වෝග් ප්‍රදර්ශනාගාරයේ සතු ඕනෑම ස්වර්ණාභරණයක් වුවද විශේෂ වට්ටමකට හුවමාරු කළ හැකි වේ.