Home » Saegis Campus වෙතින් උසස් පෙළ සිසුන්ට 75%ක් දක්වා ශිෂ්‍යත්ව

Saegis Campus වෙතින් උසස් පෙළ සිසුන්ට 75%ක් දක්වා ශිෂ්‍යත්ව

by sachintha
September 14, 2023 2:00 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන Saegis Campus, ජාත්‍යන්තර මට්ටමේ දැනුම දේශීය සිසුන්ට සමීප කිරීමේ සිය දස වැනි සංවත්සරය සමරමින්, මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව ජයගත් සිසුන් සඳහා 75%ක් දක්වා ශිෂ්‍යත්ව පිරිනැමීමට තීරණය කර තිබේ.

උසස් පෙළ විභාගයේ විෂයන් තුනක් සමත් වූ සිසුන්ට මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කළ හැකි අතර, ඔවුන්ගේ සාමර්ථ්‍යයේ මට්ටම අනුව ඔවුන්ට හිමිවන ශිෂ්‍යත්වයේ ප්‍රමාණය රඳාපවතියි. ඒ අනුව, විෂයන් තුනටම A සාමර්ථ ලබාගත් සිසුන්ට 75%, විෂයන් තුනටම B සාමර්ථ ලබාගත් සිසුන්ට 45%, විෂයන් තුනටම C සාමර්ථ ලබාගත් සිසුන්ට 30% සහ විෂයන් තුනටම S සාමර්ථ ලබාගත් සිසුන්ට 15% ආදී ලෙස ශිෂ්‍යත්ව හිමිවේ. මෙම ශිෂ්‍යත්ව සිසුන්ගේ පළමු අධ්‍යයන වර්ෂයට අදාළ වන අතර, ඔවුන්ගේ අධ්‍යයන කාර්යසාධනය මත සෙසු අධ්‍යයන වර්ෂ දක්වා ද ශිෂ්‍යත්වය දිගු කරගැනීමේ හැකියාව පවතියි.

සංචාරණය සහ ආගන්තුක සත්කාර කළමනාකරණය, අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණය, ගිණුම්කරණය හෝ මූල්‍යයනය යන විෂයන් අතුරින් විශේෂවේදී උපාධියක් ලෙස ව්‍යාපාර කළමනාකරණ ගෞරව උපාධියක් (Bachelor of Business Management) හෝ ව්‍යාපාර පරිපාලනවේදී (Bachelor of Business Administration) උපාධියක් ද, පරිගණක විද්‍යාව, මෘදුකාංග ඉංජිනේරුවේදය සහ තොරතුරු තාක්ෂණවේදය යන විෂයන් අතුරින් විශේෂවේදී උපාධියක් ලෙස විද්‍යාවේදී ගෞරව උපාධියක් (Bachelor of Science) ද, තොරතුරු තාක්ෂණවේදී උපාධියක් (Bachelor of Information Technology) ද හැදෑරීමේ අවස්ථාව උදා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT