මේ වන විට සිරගතව සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට මේ මස 15 වැනිදා දක්වා සිය පුතුන් සමඟ දුරකතනයෙන් කතා කිරීමට විශේෂ අධිකරණ අවසරයක් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු මීට පෙර තම නීතිඥවරුන් හා පුත්‍රයන් සමඟ දුරකතන සංවාදයේ යෙදීමට අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි.
කෙසේ වෙතත් ඉම්රාන්ගේ නීතිඥවරයා වන ෂිරාස් අහමඩ් ප්‍රකාශ කර ඇත්තේ සිය පුතුන් සමඟ දුරකතන සංවාදයේ යෙදීමට ඉම්රාන්ට අවස්ථාව සලසා දෙන ලෙස අධිකරණය මඟින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළ ද මේ දක්වා ඊට අවසරය ලැබී නැති බවය.
පසුගිය මහමැතිවරණයට ඉදිරිපත්වීමේදී අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් එරට මැතිවරණ කොමිසම ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුවට නොසුදුසු පුද්ගලයකු ලෙස නම් කර ඇති අතර, ඔහු සිරගත කර ඇත්තේ අගමැති ධුරයේ සිටියදී විදෙස් රටවල රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු ත්‍යාග භාණ්ඩාගාරයට ලබා නොදීම සම්බන්ධව නඩු විභාගයෙන් වරදකරු වීම හේතුවෙනි.