Sunday, May 11, 2025
Home » ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපයේදී ගැසට් කරනවා – ඇමැති එම්.යූ.එම්. අලි සබ්රි

ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපයේදී ගැසට් කරනවා – ඇමැති එම්.යූ.එම්. අලි සබ්රි

by sachintha
September 14, 2023 4:12 am 0 comment

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සකස් කළ ත්‍රස්ත විරෝධි නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු ඇමැති, ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු ඇමැතිවරයා මෙසේද පැවසීය:

“නව පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව රටේ සමස්ත ජනතාවට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලද හැකියි. ඒ සමඟ ඒය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට මේ රටේ ජනතාවට සතියක කාලයක් ලැබෙනවා. පෙර පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යමකු රඳවා තබාගැනීමේ කාලය සීමා කර තිබුණේ නැහැ.

මේ නව පනතෙන් මහේස්ත්‍රාත්වරයකුගේ අවසරයකින් තොරව දින 60ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔවුන් රඳවා තබාගත හැක්කේ නීත්‍යනුකූලව රඳවා තබාගැනීමට අවසරය ඇති මධ්‍යස්ථානවල පමණයි.

කෙනකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධව පැය 48ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයකු වෙත කරුණු ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම පාපෝච්ඡාරණය මත කිසිවකුට එරෙහිව නඩු පැවරීමක් සිදු කරනවා නම් එය රටේ පවතින සාමාන්‍ය නීතියට අනුකූලව මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ කළ පාපොච්චාරණයකට අනුව සිදු විය යුතුයි. එසේම නව පනත මඟින් වසරකට පසු අධිකරණ ක්‍රියාමාර්ගවලට ගොස් ඇප ගැනීමේ හැකියාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූවන්ට තිබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT