මෙරට උප්පැන්න සහතික නොමැති පුද්ගලයන් සියයට 5ක් පමණ සිටින බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පැවැසීය.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය එක්ව උප්පැන්න, විවාහ හා මරණ සහතික නොමැති පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ විශේෂ ජංගම සේවාවක් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පෙරේදා (12) පැවති අතර ඊට එක් වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය.
තවදුරටත් ඒ මහතා මෙසේ ද සඳහන් කෙළේය.
පසුගිය දිනයන්හි පැවැත් වූ ජංගම සේවාවන් මඟින් උප්පැන්න සහතික නොමැති පුද්ගලයන් 14000කට උප්පැන්න සහතික නිකුත් කළා. වතුකරයේ බොහෝ ජනතාවකට උප්පැන්න සහතික නොමැති නිසා ඒ පිළිබඳ සොයා බලා කඩිනමින් උප්පැන්න සහතිකයක් ලබාදීම රජයේ අරමුණයි. වසර 45ක් නීත්‍යනුකූලව විවාහ නොවී එකට ජීවත් වූ යුවලක් නීත්‍යනුකූලව විවාහ කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත, රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජයසිංහ මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිදු කළ අතර එහි සාක්ෂියට රාජ්‍ය ඇමැතිවරයා සහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා අත්සන් කරනු ලැබිණි.
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති පැවති ජංගම සේවාව තුළින් උප්පැන්න, මරණ හා විවාහ සහතික 300ක් ආසන්න ප්‍රමාණයක් නිකුත් කරනු ලැබිණි.
මේ අවස්ථාව සඳහා පුත්තලම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආනන්ද වන්නිනායක, රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජසිංහ, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්. පී හේරත්, රාජ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් වන චතුර කුමාරතුංග, චලංක අතුකෝරල, ප්‍රධාන ඉංජිනේරු ලක්මාල් චන්ද්‍රසිරි, පුත්තලම ප්‍රාදේශීය ලේකම් (වැඩබලන), එස්.පී. වීරසේකර යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය නිලධාරිහු රැසක් ද එක්ව සිටියහ.