මහජනතාව අතරට සත්‍යය ගෙන යෑමේදී ඡායාරූප මාධ්‍ය කලාවට ඉටු කළ හැකි කාර්යභාරය මැනවින් ප්‍රකට කරන කීර්තිමත් ඡායාරූප මාධ්‍යවේදී එස්ඩ්‍රාස් සුවාරෙස්ගේ දේශනයක් හෙට (15) සවස 6.00 සිට 7.00 දක්වා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කරන මේ වැඩසටහන වත්මන් ලෝකයේ ඡායාරූප මාධ්‍යවේදියා මුහුණ දෙන ගැටලු සහ අභියෝග ‘කැමරා කාචයට හසු වන හෙට දවස‘ යන මැයෙන් නම් කර ඇත.
වචනවලින් පමණක් ප්‍රකාශ කළ නොහැකි කරුණු සහ සත්‍යය හෙළි කිරීමට ඡායාරූප මාධ්‍යයට සුවිශේෂ හැකියාවක් පවතී. ඡායාරූප මාධ්‍ය කලාවේ බලය සත්‍යයේ නොසැලෙන ආලෝකයක් ලෙස නොනැසී පවතී. එම මාධ්‍ය කලාව මේ වන විට ඩිජිටල් ලෝකය ජය ගෙන වේගයෙන් ඉදිරියට යමින් පවතී. ඡායාරූප මාධ්‍ය කලාවේ ඩිජිටල් ලෝකය ජය ගත්, දෙවරක් පුලිස්ටර් ත්‍යාගයෙන් පිදුම් ලැබූ ඡායාරූප මාධ්‍යවේදී එස්ඩ්‍රාස් සුවාරෙස් මහතා සතු සුවිශාල අත්දැකීම් බෙදාගැනීමට ශ්‍රී ලාංකික ඡායාරූප මාධ්‍යවේදීන්ටද අවස්ථාවක් උදා වී ඇත.
මේ පිළිබද උනන්දුවක් දක්වන ඔබට එදින මෙම අනගි අවස්ථාවෙන් උපරිම පල නෙළාගන්නා ලෙස ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ආරාධනා කරයි.