කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 226ක් ලබා ගෙන එය ලබා නොදී සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා යටතේ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය තිළිණි ප්‍රියමාලි, බොරැල්ලේ සිරිසුමන හිමි, ඉසුරු පෙරේරා ඇතුළු සිවුදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව මන්නාරමේ පුද්ගලයෙකු සන්තකයේ තිබී සොයා ගත් රුපියල් මිලියන 50ක මුදල් සම්බන්ධයෙන් වහාම අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නීතිඥ මඬුල්ල අධිකරණයට සිදු කළ දැනුම් දීමකට අනුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.