ලොව මිලියන හතක් භාවිතා කරන හීබෲ භාෂාව හෙවත් යුදෙව් බස ප්‍රථමවරට සිංහල සහ හීබෲ භාෂා අත්පොතක් ලියා මුද්‍රණය කර ජනගත කිරීම පසුගිය දිනෙක ඊශ්‍රායලයේදී සිදුවිය.
ඊශ්‍රායලයේ සේවය කරන සමාජ ක්‍රියාකාරිකයෙකු වන මංගල කරඳවල මහතා විසින් ලියන ලද මෙම කෘතිය ලෝක භාෂා හදාරන අය වෙනුවෙන් සහ ලංකාවෙන් ඊශ්‍රායලයට රැකියාව සඳහා එන අය වෙනුවෙන් සිංහල සහ හිබෲ භාෂාවෙන් ලියැවී ඇත.
දිගු කාලයක විමර්ශනයකින් පසු විශාල කැප කිරීමකින් රචනා කළ මෙම කෘතිය තුළින් වාචික වාක්‍ය හැසිරවීම පිළිබඳ වාක්‍ය රටා සම්බන්ධව පිටු 288ක් මෙම කෘතියට ඇතුළත් කිරීමට කතුවරයා සමත්ව තිබේ.
ලෝකයේ මළ භාෂා අතරට එක්වෙමින් ඇති හීබෲ භාෂාව සහ සිංහල භාෂාවට මදක් හෝ පණ පෙවීමට කටයුතු කළ මංගල කරදවල මහතා පිළිබඳ ඊශ්‍රායල් තානාපති නිමල් බණ්ඩාර මහතා මෙලෙස තම අදහස සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේය.
Òඊශ්‍රායලයේ සේවය කරන තරුණ ශ්‍රී ලාංකික සමාජ ක්‍රියාකාරිකයෙකු වන මංගල කරදවල මහතා විසින් රචිත spoken හීබෲ for සිංහල අපට කෘතියේ පිටපතක් කියවීමට ලැබීම මහත් ආස්වාදයක් ගෙන දෙන්නකි.
ඉතා සරල ලෙසින් හේබ්‍රෙව් එසේ නොමැති නම් යුදෙව් බස ලෙස හඳුන්වන හෙබ්‍රෙව් භාෂාවෙන් වාචික වාක්‍ය භාවිතා රටාවෙන් මනරම් ලෙස පැහැදිලිව කරමින් එහි උච්චාරණය පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට හැකි වාක්‍ය රටා සිය ගණනක් පිටු 288ක් ග්රන්ථයට ඇතුළත් කර තිබේ.
මාතලේ කවුඩුපැලැල්ල පදිංචි මංගල කරඳවල මහතා විසින් රචිත මෙම කෘතිය ඔහු විසින් රචිත දෙවන කෘතිය වේ.
කුරුණෑගල – කුමාරි දිසානායක