217
බදුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් දුන්හිඳ පතනකන්දේ පෙරේදා (12) රාත්‍රී හදිසි ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්න හේතුවෙන් දුන්හිඳ පතනකන්දේ විශාල භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, ලද තොරතුරු මත වහාම ක්‍රියාත්මක වූ බදුල්ල පොලිසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ගින්න මැඬපැවත්වීමට කටයුතු කර ඇත.
ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර, බදුල්ල පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරයි.
බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන