Home » මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සාහිත්‍යරත්න සම්මානයෙන් පිදුම් ලබති

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සාහිත්‍යරත්න සම්මානයෙන් පිදුම් ලබති

by mahesh
September 15, 2023 1:00 am 0 comment

කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේ ඊයේ(14) පස්වරුවේ පැවැති රාජ්‍ය සාහිත්‍ය සම්මාන(2023) ප්‍රදානෝත්සවයේදී ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන සාහිත්‍ය රත්න සම්මානයෙන් සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවේ සභාපති රඹුකන සිද්ධාර්ථ හිමි අතින් සම්මානය ලබාගත් අයුරු. මෙම අවස්ථාවට රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවේ සභාපති රඹුකන සිද්ධාර්ථ හිමි, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුජීවා පල්ලියගුරුගේ, සංස්කෘතික අධ්‍යක්ෂිකා යසින්තා ගුණවර්ධන මහත්ම මහත්මීහු සහභාගි වූහ. ඡායාරූපය – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT