Home » අවු 97 මාතාවට ශාස්ත්‍රපති උපාධියක්

අවු 97 මාතාවට ශාස්ත්‍රපති උපාධියක්

by mahesh
September 15, 2023 1:14 am 0 comment

ගම්පොළ සමූහ - සුරංග දිල්හාන්

කැලණිය විශ්වවිද්‍යාලයේ පාළි බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය මගින් මෙවර පැවැත් වූ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගැනීමට වයස අවුරුදු අනූහතක් වූ විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න මාතාව සමත්ව ඇත.

ඇය මෙම විශ්වවිද්‍යාලයේ වයසින් වැඩිම ශිෂ්‍යාවද වූවාය.

විෂයන් 7කින් සමන්විත මෙම ශාස්තපති උපාධිය සඳහා ඇය පාලි නිකාය ගත බෞද්ධ චින්තනය – විග්‍රහය හා විවරණය, බෞද්ධ කලා හා ගෘහ නිර්මාණ 11 (ශ්‍රී ලංකාව) බෞද්ධ මනෝ චිකිත්සාව, බෞද්ධ ආර්ථික දර්ශනය, ථෙරවාදී සම්ප්‍රදාය- ඉතිහාසය හා ධර්ම කරුණු, බෞද්ධ ආචාර ධර්මය -සංකල්ප හා දාර්ශනික අර්ථකථනය, පර්යේෂණ ක්‍රමවේදය හා විස්තාරිතාවරණය යන විෂයයන්ගෙන් පෙනී සිට ඇත. ඇය මෙහි නිබන්ධනය වූ විස්තාරිත රචනා පර්යේෂණ මාතෘකාව ලෙස ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් තුළින් පිළිබිඹු වන අතීත ජීවන රටාව පිළිබඳ විමර්ශන ලිපියක් ද සම්පාදනය කර තිබුණි. ඇස්ලින් ධර්මරත්න මාතාව වයස අවුරුදු 94 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලය මඟින් පැවැත්වූ ත්‍රිපිටක ධර්මය හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට පෙනී සිට එයද සමත්ව ඇත.

මෙලෙස ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන විභාගය සමත් වූ ඇය ගැහැනු දරුවන් 6 දෙනකුම බලා ගනිමින් ජීවිතයට ද මුහුණ දෙමින් මෙම විභාග සමත්ව තිබුණි.

නොතාරිස් වෘත්තීයෙන් ජීවිතය අරඹා ඇති ඇය 1952 වසරේ දී එම විභාගයෙන් ලංකාවෙන්ම පළමුවැනියා ලෙස සමත් වූ එකම කාන්තාව ද විය.

1962 වසරේදී නොතාරිස්වරයකු සමඟ විවාහ වී ඇති ඇය හොරණ සිට නාවලපිටිය ප්‍රදේශයට පදිංචියට පැමිණ තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT