Home » ඌවේ විශේෂඥ වෛද්‍යවරුන් 23කගේ, ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ හිඟයක්

ඌවේ විශේෂඥ වෛද්‍යවරුන් 23කගේ, ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ හිඟයක්

බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී

by mahesh
September 15, 2023 1:00 am 0 comment

සී .ගමගේ සොරණාතොට සමුහ

ඌව පළාතේ විශේෂඥ වෛද්‍යවරුන් 23කගේ සහ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් පවතින බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ උපලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඊයේ (14 ) බදුල්ලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මෙහිදී තවදුරටත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මෙසේද කීය.

මොණරාගල රෝහලේ එක් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු පමණක් සිටින බවත් , සියඹලාණ්ඩුව , බිබිල, වැල්ලවාය රෝහල්වල කිසිදු විශේෂඥ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු නැති බවත්, මේ නිසා පළාතේ ළමා සෞඛ්‍ය පවත්වාගෙන යෑම ගැටලු සහගත තත්ත්වයක් උදා වී තිබෙනවා.

රෝහල්වල අද ප්‍රමිතියෙන් යුතු ඖෂධ වර්ග නෑ.සෛල උපකරණ නෑ.මේ නිසා රෝගින්ට ප්‍රතිකාර කිරිම අපහසුයි. මේ හේතුවෙන් රෝගින් අපහසුතාවක ඉන්නේ .රෝගීන්ගේ ජීවිතත් අනතුරේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟකම සහ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ හිඟය අප පළාතට දැඩිව බලපා තිබෙනවා. ශ්‍රේණි වෛද්‍යවරුන් මුදල් ගෙවා අදාළ විභාග සමත් වී දැන් විදේශ ගත වෙන්න බලාගෙන සිටින්නේ.බුද්ධි ගලනය දිගින් දිගටම සිදුවෙනවා .

දකුණු ආසියානු කලාපයේ හොඳම සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගෙන ගිය අප රටේ පර්යන්ත රෝහල් වැසී යනවා.එම රෝහල් පවත්වාගෙන යෑමට අපහසුයි. ඉදිරියේදී රෝගීන් පිරිසක් බිහිකරන රටක් වේවි.

රට පවත්වා ගෙන යන්න අපෙන් බදු ගන්න .අපිට ජීවත් වෙන්න පුලුවන් විදියට මුදලක් ඉතිරි වන විදියට මුදලක් ඉතිරි කර බදු අයකරගන්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT