Friday, May 9, 2025
Home » කොස්තාපල්වරු දෙදෙනකු අතර ගුටිබැට හුවමාරුවෙන් අයකුගේ වැඩ තහනම්
කටුනායක ගුවන් තොටේ

කොස්තාපල්වරු දෙදෙනකු අතර ගුටිබැට හුවමාරුවෙන් අයකුගේ වැඩ තහනම්

by mahesh
September 15, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ සේවයට යොදවා සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයකුට තවත් ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගුවන් මගීන් ඇතුළු කාර්ය මණ්ඩලය බලා සිටියදීම පහරදී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මේ පහරදීම සිදුව ඇත්තේ පසුගිය 12 වැනිදා බවත්, ඒ සම්බන්ධයෙන් මීගමුව සහකාර පොලිස් අධිකාරීවරයා විසින් පහරදීමට සම්බන්ධ ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

පුද්ගලික ආරවුලක් මත නිලධාරීන් දෙදෙනා අතර ඇතිවු බහින්බස් වීමක් දුරදිග යමින් මේ පහරදීම සිදුව ඇති බවත්, මුලින්ම මල් බඳුනකින් පහරදී අනතුරුව සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා විසින් පහරකෑමට ලක් වූ නිලධාරියාගේ ඔළුව ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඇති පොලිස් උපකාරක සේවා කුටියේ ජනේලයක හප්පා තුවාල කර ඇති බවත් එම උසස් නිලධාරියා සඳහන් කළේය.

නිලධාරියාගේ ඔළුව හැප්පීමෙන් උපකාරක සේවා කුටියේ වීදුරු ජනේලය ද බිඳී ඇත. තුවාල ලැබූ නිලධාරියා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, පහර දුන් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT