Sunday, May 11, 2025
Home » සේවනූල්-ඩෙටනේටර ඩයිනමයිට් එක්ක යුද හමුදා මාණ්ඩලික සැරයන් කොටු

සේවනූල්-ඩෙටනේටර ඩයිනමයිට් එක්ක යුද හමුදා මාණ්ඩලික සැරයන් කොටු

by mahesh
September 15, 2023 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

ටී56 ජීව උණ්ඩ යොදා වෙඩි තැබීමට හැකි ලෙස වෙනස් කරන ලද බෝර 12 ගිනි අවියක් හා ජීව උණ්ඩ 200ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සමඟ යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයකු හතරලියද්ද පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (13) රාත්‍රී 9.00ට පමණ අඹකොටදෙණිය ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

නව වැනි පාබළ රෙජිමේන්තුවේ පලාලි ඉමේකාඩු කඳවුරට අනුයුක්තව මාණ්ඩලික සැරයන්වරයකු ලෙස සේවය කරන සැකකරු නිවාඩු ලැබ සිටියදී අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකරු සතුව තිබී බෝර 12 ජීව උණ්ඩ 2ක්, කැබලි කරන ලද සේව නූල් ග්‍රෑම් 900ක් ඉලෙක්ට්‍රොනික ඩෙටනේටර 2ක්, ඩයිනමයිට් ග්‍රෑම් 200ක් කුඩා ඊයම් බෝල 70ක් ඊයම් කැබලි කි.ග්‍රෑ. 2 1/2ක් හා බෝර 12 පතොරම් කොපු 45ක් මෙලෙස සොයාගෙන ඇත. හතරලියද්ද පොලිසියේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) නානායක්කාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩි දුර පරීක්ෂණ පැවැත්වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT