Home » සිරකරුවන් 933කට ජනාධිපති සමාව

සිරකරුවන් 933කට ජනාධිපති සමාව

by mahesh
September 15, 2023 1:17 am 0 comment

නෙත්මි පූජනී රත්නායක

මෙම 12 දිනට යෙදී තිබූ 25 වැනි ජාතික සිරකරු දිනය නිමිත්තෙන් සිරකරුවන් 933 දෙනකුට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස හිමිවී ඇත. මෙයින් 07 දෙනකු කාන්තාවන් වේ. ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියේ පැවරී ඇති බලතල ප්‍රකාරව බන්ධනාගාරගත සිරකරුවන් හට මෙම වි‍‍ශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කර ඇත. මේ යටතේ වැඩිම සිරකරුවන් පිරිසක් නිදහස ලබා ඇත්තේ පල්ලෙකැලේ බන්ධනාගාරයෙනි. සංඛ්‍යාව 165 කි. තල්දෙන බන්ධනාගාරයෙන් සිරකරුවන් 78ක්, මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 71ක්, වීරවිල බන්ධනාගාරයෙන් සිරකරුවන් 67ක්, වාරියපොළ බන්ධනාගාරයෙන් සිරකරුවන් 54ක් පල්ලන්සේන බන්ධනාගාරයෙන් සිරකරුවන් 53ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් 48ක්, මඩකලපුව බන්ධනාගාරයෙන් සිරකරුවන්45ක් ආදි වශයෙන් බන්ධනාගාර 29කින් මෙම සිරකරුවන් 933 දෙනා නිදහස ලැබීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT