368
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී (2023) මෙවර හොඳම සිංහල නවකතාවට හිමි සම්මානය දිනාගත් නෝබට් අයගමගේ විසින් රචිත කුර හඬෙකි වියැකෙන නවකතාවට මීට දින කිහිපයකට පෙර පැවැති ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේදී ද ප්‍රශස්තතම නවකතාවට හිමි සම්මානය හිමි විය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පසුගිය 08 දින කොළඹ බණ්ඩාරනායන අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ස්වර්ණ පුස්කත සම්මාන උළෙල පැවැත් වූ අතර එහිදී නෝබට් අයගමගේ මහතා විසින් අදාළ සම්මානය දිනා ගන්නා ලදී. රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සව ඊයේ(14) කොළඹ, මරදාන එල්ෆින්ටන් රංග ශාලාවේදී පැවැත්විණ.