Home » සංජීව සීඅයිඩීයට භාර දෙයි

සංජීව සීඅයිඩීයට භාර දෙයි

by mahesh
September 15, 2023 1:31 am 0 comment

ආගමන විගමනයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මාකිලංගමුවේ සංජීව නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් වෙත පෙරේදා 12 රාත්‍රි බාර දුන් බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක් පිටිය මහතා ‘දිනමිණ‘ට පැවැසීය.

එම පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමට භාර දුන් බව කී ඒ මහතා එම පුද්ගලයා මෙරටට පැමිණ ඇති ගමන් බලපත්‍රය සකස් කර ඇත්තේ විදේශ රටකින්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවද කීවේය.

සැකකාර පුද්ගලයා ව්‍යාජ ලෙස සකස් කළ ව්‍යාජ ගමන් බලපත්‍රයෙන් කටාර් රාජ්‍යයට ගොස් නැවත කත්මණ්ඩු නගරය වෙත පැමිණ ඇති බව විමර්ශන අනාවරණය කළ බවත් කී ඒ මහතා ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් මෙරටට පැමිණීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවත් කීවේය.

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT