Home » ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි

by mahesh
September 15, 2023 1:35 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව කෙරෙමින් පවතින බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

අමෙරිකානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය, ඉන්දියානු ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ බලශක්ති වැඩසටහනේ නියෝජිතයන් සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශයේ නියෝජිතයන් සමඟ දැනට ක්‍රියාත්මක වන විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පෙරේදා (13) අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

විදුලිබල පනත සංශෝධනය කර විදුලිබල මණ්ඩල සතු භෞතික මෙන්ම මානව සම්පත් නිසි පරිදි ස්ථානගත කිරීම, මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තීරණාත්මක කටයුත්තකි.

මේ කටයුත්ත සාර්ථක කරගැනීමට අමෙරිකානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය විසින් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යාලය සමඟ එක්ව කටයුතු කිරීමට ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනයේ මෙරට සහ ඉන්දියානු නියෝජිතයන් වෙත එම ක්‍රියාවලිය සකස් කිරීමේ වගකීම ලබා දී ඇත.

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම් වෙනුවෙන් සහාය දෙන පාර්ශ්වකරුවන් වන ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය මෙන්ම අමෙරිකානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන අතර, ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ඉටු කළ යුතු කාර්යයන් සම්බන්ධීකරණය කරමින් සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT