බලපත්‍රකයක් නොමැතිව නීති විරෝධී ලෙස මාවරල, ගොම්බද්දල ප්‍රදේශයේ සුවිසල් නිෙවසක කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් වල්ලපට්ට ශාඛ උපයෝගී කර ගනිමින් ඉතා රහසිගතව පවත්වාගෙන ගිය වල්ලපට්ට තෙල් සිඳීමේ ජාවාරමක් කරගෙන ගිය අයෙකුට විරුද්ධව දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව ලබා දෙමින් සියලු චෝදනාවලට වරදකරු බවට පිළිගත් සැකකරුට රුපියල් ලක්ෂ දෙකක (200000) දඩ මුදලක් ගෙවන ලෙස දෙයියන්දර මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කෝසලා අනුරුද්ධිකා විදාන පතිරණ මහත්මිය නියෝග කළාය. වල්ලපට්ට තෙල් සිඳීමට භාවිත කළ බොයිලේරු, ගෑස් ලිප්, ගෑස් සිලින්ඩර, පිහි ඇතුළු තෙල් සිඳීමට යොදාගත් උපකරණ සියල්ල රාජසන්තක කිරීමට නියෝග කළේය. මෙසේ දඩ මුදල් ගෙවීමට නියම වූයේ මාවරල, ගොම්බද්දල පදිංචි ලියනගේ සුමනරත්න නමැති 40 හැවිරිදි පුද්ගලයකුටයි.
කඹුරුපිටිය අඩවි වන නිලධාරි කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත අඩවි වන නිලධාරින් මාවරල පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහයෝගය ඇතිව 2023.07.13 දින ගොම්බද්දල දකුණ මුත්තෙට්ටුවවත්ත ප්‍රදේශයේ නිෙවසක් තුළ කාලයක් තිස්සේ බලපත්‍ර නොමැතිව නීති විරෝධීව අනවසරයෙන් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය වල්ලපට්ට ශාඛ මඟින් තෙල් සිඳීමේ මධස්ථානයක් වටලා තෙල් සිඳීමට රැගෙන ආ වල්ලපට්ට ශාක කොටස් කිලෝ දහසකට අධික ප්‍රමාණයක්, සිඳින ලද වල්ලපට්ට තෙල්, තෙල් සිඳීමට භාවිත කළ උපකරණ අත්අඩංගුවට ගෙන තිබුණි. ඉතා රහසිගතව කාලයක් තිස්සේ ප්‍රදේශයේ රක්ෂිත ප්‍රදේශවලින් වල්ලපට්ට ශාඛ කොටස් කපා ඒවා රැගෙන විත් තෙල් සිඳීමේ ජාවාරම කර ඇති බවටත් ඊට අමතරව විකුණුම්කරුවන් විසින් රැගෙන එන ලද වල්ලපට්ට ශාඛ කොටස් මිලට ගෙන වල්ලපට්ට තෙල් සිඳීමේ ජාවාරමක් සිදු කරගෙන ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. රුපියල් එක්කෝටි දාහත්ලක්ෂ පහළොස් දහසක් (11715000.00) වටිනා වල්ලපට්ට කිලෝ දහසකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබුණි.