Home » එංගලන්තයේ යුවළකගෙන් ගැබිනි මවුවරුන්ට තෑගි

එංගලන්තයේ යුවළකගෙන් ගැබිනි මවුවරුන්ට තෑගි

by mahesh
September 15, 2023 1:00 am 0 comment

මීගහතැන්න සමූහ

උගතුන්, බුද්ධිමතුන් රට හැර යන මෙවැනි යුගයක එංගලන්තයේ පදිංචිව සිටින යුවළක් තමා උපන් අගලවත්ත, ඕමත්ත ගමේ දුප්පත් නෑදෑ හිතවතුන් සොයා පැමිණ ගමේ ගැබිනි මවුවරුන්ට තෑගි භෝග ලබාදීමේ උත්සවයක් පසුගියදා අගලවත්ත ඕමත්තේදී සිදු කෙරිණි. අගලවත්ත, ඕමත්තේ උපන් සුමිත්‍රා තයාන් මහත්මිය යාපනයේ උපන් තම සැමියා වූ දයා තයාන් මහතා සමඟ දැනට එංගලන්තයේ පදිංචිව සිටිති. පසුගියදා ඔවුහු අගලවත්ත, ඕමත්ත මාතෘ හා ළමා සෞඛ්‍ය මධ්‍යස්ථානයට පැමිණ ප්‍රදේශයේ පදිංචි ගැබිනි හා කිරි දෙන මවුවරුන් 50 දෙනෙකුට වියළි ආහාර මලු පනහක් සහ ගැබිනි මවුවරුන්ට අවශ්‍ය වන උපකරණ බෙදා දුන්හ.

අගලවත්ත ඕමත්ත පැටිකිරි කෝරාල පදනම සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා දයා තයාන්, සුමිත්‍රා තයාන් යුවළ, පැටිකිරි කෝරාල පදනමේ එංගලන්ත සාමාජික පිරිසක් හා එම පදනමේ ශ්‍රී ලංකා නියෝජිත රේණුක සමරජීව කුඹලාතර මහතා සහ අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දමින්ද සේනානායක මහතා එම කාර්ය මණ්ඩලය, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චන්දන තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. ගැබිනි මවුවරුන්ට වියළි සලාක සහ උපකරණ බෙදා දුන් අයුරු ඡායාරූපයේ දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT