Home » ග්‍රාම නිලධාරි සේවා පියසක්

ග්‍රාම නිලධාරි සේවා පියසක්

by mahesh
September 15, 2023 1:00 am 0 comment

ඇල්පිටිය සමූහ. චන්ද්‍රසිරි ගුණසේකර

ග්‍රාම නිලධාරිවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ ගමේ තරුණ සංවිධානයක් විසින් ගම්වාසීන්ගේද ආධාර උපකාර ඇතිව ඉදිකරන ලද රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා Ò ග්‍රාමනිලධාරී සේවා පියසක් Ò විවෘත කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (12) කරන්දෙණිය බෙල්ගස්වේල්ල ප්‍රදේශයේදී සිදු කරනු ලැබීය.

රජයේ වියදමකින් තොරව ඔහුම පිහිටුවාගත් Ò සස් හිරු Ò තරුණ සංවිධානයේ සහ ගම්වාසීන්ගේ දායකත්වයෙන් කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 41/E, බෙලිගස්වේල්ල, ග්‍රාම නිලධාරී චන්දික දිනේෂ් කුමාර මහතා විසින් මෙම සේවා පියස ඉදිකරවා තිබේ.

2023 ජනවාරි මස 28 වන දින මුල්ගල් තැබූ මෙම ගොඩනැඟිල්ල ලක්ෂ තුනක පමණ මුදලකින් ඉදිකරවා සැප්තැම්බර් මස 12 දින ජනතා අයිතියට පැවරීමට කටයුතු කර තිබේ. මෙම ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සමන් ජයසේකර, කුඩා ව්‍යාපාර සහකාර අධ්‍යක්ෂ නන්දලාල් ජයසේකර, කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් රුවිනි චන්දිමා වඩුතන්ත්‍රී, පරිපාලන ග්‍රාම නිලධාරීනි කේ. එම්. ඉන්ද්‍රානි යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම ග්‍රාම නිලධාරී සේවා පියස සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා අතින් එම කාර්යාලයේ කටයුතු සුබ මොහොතින් ආරම්භ කළ අයුරුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT