298
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටාව ඊයේ(14) සවස කොළඹ ජාතික රෝහලට රැගෙනවිත් තිබුණි.
තමන්ට පපුවේ වේදනාවක් ඇති වී තිබෙන බව හරක් කටා පැවසීම හේතුවෙන් ඔහුව විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහිතව රෝහල වෙත රැගෙන විත් ඇත.
මූලික පරික්ෂාවකින් අනතුරුව ඔහුව නැවත රැගෙන ගිය බව ආරංචි මාර්ග අනාවරණය කළේය. ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ තමන්ට ඒ ගැන කිසිවක් සඳහන් කළ නොහැකි බවය. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනු ලැබුවේ එවැන්නක් තමන්ට වාර්තා වී නැති බවයි.