බියගම නිදහස් වෙළෙඳ කලාපයේ ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක සේවය කරන විසිහතර හැවිරිදි තරුණ කාන්තාවක් සේවය සඳහා සිය සැමියා සමඟ යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී එහි පිටුපස අසුනේ ගමන් කළ ඇය විසිවී ගොස් බිම වැටීමෙන් හිසට බරපතළ ලෙස තුවාල ලබා එම ස්ථානයේදීම මරුමුවට පත් වී ඇත. ඉකුත් අඟහරුවාදා (12 වැනිදා) පෙරවරුවේ සියඹලාපේ සමෘද්ධි මාවතේ ගලහිටියාව ප්‍රදේශයේදී සිදුවූ මේ අනතුරින් මිය ගියේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ජී.ඒ. ගයානි නමැති විසිහතර හැවිරිදි තරුණ විවාහක කාන්තාවකි. මේ යතුරුපැදිය එම මාර්ගය ඔස්සේ බියගම වෙළෙඳ කලාපය දෙසට පැමිණෙමින් සිටින විට ඉදිරියෙන් වෑන් රථයක් හැරවීම සඳහා යූටර්න් එකක් ගන්නා අවස්ථාවේ යතුරුපැදිය තිරිංග තද කිරීමේදී මේ අනතුර සිදු වී ඇතත් යතුරුපැදිය වෑන් රථයේ ගැටී නැතැයි කියයි.
සැමියා සමඟ යතුරුපැදියෙන් ගිය කත වැටී මරුට
by mahesh
September 15, 2023 1:00 am
0 comment
දෙල්ගොඩ සමූහ - සුදත් පුබුදු කීර්ති
270